පිරිත් දේශනය හා සංඝගත දක්ෂිණාව
විද්‍යාලයේ ආරමිභක දිනය සිහිපත් කරමින් සෑම වර්ෂයකම පෙබරවාරි 27 වන දින රාත්‍රි පිරිත් දේශනය කර පසු දා සංඝගත දක්ෂිණාවක් පවත්වා විද්‍යාලයට ආශිර්වාද කරයි.

ආදි ශිෂ්‍ය ගුරුභවතුන් විසින් තම පාසල් මාතාවගේ ආරම්භක දිනය සිහිපත් කිරීම
විද්‍යාලයේ ආරමිභක දිනය සිහිපත් කරමින් සෑම වර්ෂයකම පෙබරවාරි 27 වන දින විද්‍යාලයේ දැනට සේවය කරන හා විද්‍යාලයේ සේවය කළ ආදි ශිෂ්‍ය ගුරුභවතුන් වර්තමාන සිසුන්ට ආදර්ශයක් වෙමින් තම විදුහල් මාතාවගේ ආරම්භක දිනය සිහිපත් කිරීම සිදු කරයි. මෙහිදී එදින උදෑසන සිසුන් සදහා ධර්ම දේශනය, සවස පිරිතට පැමිණෙන්නන්ට ඔසු පැන් දන්සල ලබා දීම ආදිය සිදුකරයි.

නිවාසාන්තර ක්‍රිඩා උත්සවය
මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවය සෑම වර්ෂයකම පෙබරවාරි මස දී පැවැත්වේ.

ඇත් මහ සටන
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය හා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟය සෑම වර්ෂයකම මාර්තු මස දී පැවැත්වේ.

ත්‍යාග ප්රදානෝත්සවය
මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ සිසු දරුවන් හා ගුරුභවතුන් අගයනු වස් සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පැවැත්වේ.
වර්ණ ප්රදානය
මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ සිසු දරුවන් හා ගුරුභවතුන් ගේ විශේෂ දක්ෂතා අගයනු වස් සෑම වර්ෂයකම දෙසැම්බර් මස පැවැත්වේ.