නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) පණිවිඩය
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය

දරුවන්ගේ විභව ශක්තීන් හඳුනා ගනිමින් ඒවා සංවර්ධනය කොට ගනිමින් මව්බිමේ ප්රගමනයට අවශ්‍ය යාන්ත්‍රණයක යෙදී සිටින ඇතුගල් පුරවරයේ ප්‍රධාන පෙළේ පාසලක් වන මලියදේව ආදර්ශ මහා විද්‍යාලය සඳහා අර්ථාන්විත වූ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.
එවැන්නක් හඳුනාගෙන එම නිර්මාණයට දායක වූ සියලු දෙනාට මාගේ හදපිරි කෘතවේදීත්වය පිරිනමන අතර මලිදෙව් ආදර්ශ වෙබ් අඩවිය හෙට දිනයේ නිර්මාණශීලීව හා අර්ථාන්විතව එමෙන් ම අඛණ්ඩ ව පවත්වාගෙන යාම සඳහා හදවතින්ම සුභාශිංශනය කරමි.
නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන),
සෝබා පියසේන