සව් සිරි සපිරුණු සිරිලක් දෙරණේ
සැරදෙ විදුකිතු දද නංවා
මලියදේව ආදර්ශ මහා
විදුහල් මෑණි අපේ//
ධීර වීර සෘජු සාමකාමි මෘදු
නිහතමානි අරිදම්//
ගුණ මිණි බරණින් හදවත් සරසා
විදුහල් මව් සෙවණේ
සමගි දමින් බැදෙමු
සව්සිරි සපිරුණු.......
සුවච සිසුන් ලෙස සිප්සත වඩවා
හැදෙමු වැඩෙමු අපි රට දැය වෙනුවෙන්//
අපි වෙමු රට නංවන දරුවෝ
අපි වෙමු දැය හොබවන විරුවෝ
සව්සිරි සපිරුණු...........
පද රචනය : සෝමරත්න දසනායක (හිටපු විදුහල්පති - මලියදේව ආදර්ශ මහා විද්‍යාලය)
තනුව : අශෝක පුෂ්පකුමාර (හිටපු සංගීත ආචාර්ය - මලියදේව ආදර්ශ මහා විද්‍යාලය)
වර්ෂය : 1989