![]() |
|
|
|
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියදාස විජේසිංහ මැතිතුමා |
හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ඩි.බි. වෙලගෙදර මැතිතුමා |
1970 දශකයේ කුරුණෑගල නගරයට අයත් මලියදේව බාලක සහ බාලිකා යන ප්‍රධාන පෙළේ බෞද්ධ පාසල් දෙක සඳහා ප්‍රාථමික පංතිවලට දරුවන් ඇතුළත් කිරීම දෙමාපියන්ට දුෂ්කර කාර්යයක් විය. එමනිසා, මෙම පාසල්වල ට දරුවන් ඇතුලත් කිරීම සඳහා ඇති තදබදය අවමකිරිමටත් පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ත්ව විභාගය සඳහා පෝෂක පාසලකත් අවශ්‍යතාව ඇති විය. එයට විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස කිතු වසින් 1978 නවම් මස 27 වන සඳු දින වයඹ පළාතේ ඇතුගල්පුර ජනතාවගේ පින් මහිමයට බිහිවූ "මලියදේව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය" නමින් මෙම විද්‍යාලය ආරම්භ කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත පියදාස විජේසිංහ මැතිතුමා විද්‍යාලය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී පුරෝගාමීව කටයුතු කිරීම හා හිටපු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ඇමති දිවංගත ඩි.බි. වෙලගෙදර මැතිතුමා විද්‍යාලයේ ප්‍රගතිය සඳහා කළ අමරණීය සේවාවන් විද්‍යාලයේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

