පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
ශිෂ්‍ය (1-9 ශ්‍රේණි)
- පාසලේ නිළ වර්ණ තීරුව සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර (ඉහලට කොළ වර්ණය සිටින ලෙස) මසා තිබිය යුතුය.
- පාසලේ නිළ ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවරට සමාන්තරව පැළදිය යුතුයි.
- කමිස අත හා කමිසය ඇඟට තද වන සේ නොවිය යුතු අතර ලිහිල්ව තිබිය යුතුය.
- කමිසයේ අත වැලමිටට අඟල් 1ක් ඉහළින් වන තෙක් දික්විය යුතුයි.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.

ශිෂ්‍ය (10-13 ශ්‍රේණි)
- පාසලේ නිළ වර්ණ තීරුව සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර (ඉහලට කොළ වර්ණය සිටින ලෙස) මසා තිබිය යුතුය.
- පාසලේ නිළ ලාංඡනය සාක්කුවේ දකුණු කෙළවරට සමාන්තරව පැළදිය යුතුයි.
- කමිස අත හා කමිසය ඇඟට තද වන සේ නොවිය යුතු අතර ලිහිල්ව තිබිය යුතුය.
- කමිසයේ අත වැලමිටට අඟල් 1ක් ඉහළින් වන තෙක් දික්විය යුතුයි.
- දිග කල්සමේ උස පාදයේ වළලුකරට (පාදයේ ඇස්වට) පහළින්, විලුඹට ඉහළින් තිබිය යුතුයි.
- කලිසමේ පහළ කොටස (ෆොල්ට්) පළල අඟල් 14 1/2 - 15 අතර තිබිය යුතුය.
- ඉදිරිපස රැලි පැත්තක 2 බැගින් (උපරිම) විය යුතුය.
- කලිසමේ දෙපස සාක්කු දෙකක් හා පසුපස සාක්කු 1ක් විය යුතු අතර එය දකුණු පසින් තිබිය යුතුය.
- කලිසම ඉනට තදවන ලෙස තිබිය යුතු අතර පහළට එල්ලා වැටෙන හෝ ඇඟට හිරවන ලෙස නොවිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කුඩා අත් ලේන්සුවක් පමණක් භාවිතා කළ යුතුය.
පාවහන්
- කලු ලේස් සහිත සපත්තු විය යුතුය (ඉදිරිපස දික් නොවිය යුතුය)
- කිසිම නිකල් බැඡ් එකක් බකල් එකක් පාවහන් වල නොව්ය යුතුය.
- ලේස් රහිත පාවහන් පැළඳීම නොකළ යුතුය.
- පාසල් වර්ණ සහිත මේස් පමණක් පැළඳීය යුතුය.
වෙනත්
- කොන්ඩය කොටට කපා පැත්තෙන් රොද තබා පැත්තට පීරිය යුතුය.
- කොණ්ඩය පාට කිරීම හෝ පාසලට නොගැලපෙන මෝස්තර සහිතව කොණ්ඩය කැපීම කිසිසේත් නොකළ යුතුය.
- මුහුණේ රැවුල සම්පූර්ණයෙන් කපා ඉවත් කර තිබිය යුතුය.
- දෑතේම නිය කොටට කපා පිරිසිදුව තිබිය යුතුය.
- ශරීරයේ කිසිම ස්ථානයක පච්ච(ටැටු) සලකුණු සපුරා තහනම්ය.
- උදෑසන 7.15ට පෙර පාසලට පැමිණ පිරිසිදු කිරීම් කටයුතු නිම කළ යුතුය.

ශිෂ්‍යාවන් (1-13 ශ්‍රේණී)
- දණ හිස වැසෙන ලෙස උස තිබිය යුතුයි. (දණ ගැසූ විට ගවුම බිම ගෑවිය යුතුයි)
- අත් හිර නොවන ලෙස ලිහිල්ව තිබිය යුතුයි.
- අතේ උස වැලමිටේ සිට අඟල් 2ක් ඉහළට සිටින සේ විය යුතුයි. (කෙටි අත නොවිය යුතුයි)
- ගවුමේ මැද ලොකු රැල්ලක් හා දෙපස කුඩා රැලි 2 බැගින් විය යුතුයි.
- ඉදිරිපස කෙටි විවරය පමණක් තිබිය යුතයි.
- පටියේ පළල අඟල් 1 1/2 ක් විය යුතුයි.
- ගවුමේ ඉන අත් දෙක නැවූ පසු වැලමිට පිහිටන ස්ථානය තෙක් විය යුතුයි.
පාවහන්
- සුදු ලේස් සහිත සපත්තු විය යුතුය (කෑලි අලවන හෝ ලේස් රහිත පාවහන් පැළඳීම නොකළ යුතුයි)
- ප්‍රාථමික අංශයේ දරුවන්ට ලේස් රහිත සපත්තු (කෑලි අලවන) පැළඳීය හැක.
- පාසල් වර්ණ සහිත මේස් පමණක් පැළඳීය යුතුයි.
වෙනත්
- පාසලේ කර පටිය හා නිවාස බැඡ් එකක් පැළඳීම අනිවාර්යය වේ.
- කොණ්ඩය මැදින් බෙදා කොණ්ඩ කරල් දෙකක් ලෙස ගොතා තිබිය යුතු අතර කලු රිබන් පටියකින් ගැට ගසා තිබිය යුතුය.
- කොණ්ඩය උඩට පීරීම හෝ කණට ඉහලින් සිටින සේ ගෙතීම නොකළ යුතුයි.
- ඉදිරිපස ක්‍රේල් කටු පැළඳීම නොකළ යුතුයි.
- කොණ්ඩය කපා ඇත්නම් පැත්තට පීරා ගවුමේ කොළරයට ඉහළින් තිබාය යුතුයි.
- කොණ්ඩය පාට කිරීම නොකළ යුතුයි.
- සෑම දරුවකුම දෑතේ නිය කොටට කපා තිබිය යුතු අතර පාට කිරීම සපුරා තහනම් වේ.
- ඇහි බැම සැකසීම කිසිසේත්ම නොකළ යුතුයි.
- උදෑසන 7.15ට පෙර පාසලට පැමිණ පිරිසිදු කිරීම් කටයුතු නිම කළ යුතුය.
