නියෝජ්‍ය විදුහල්පති(අ. සංවර්ධන) පණිවිඩය
මලියදේව ආදර්ශ මහා විද්‍යාලය

එදා නිදහස ලබද්දී අප පසුපසින් සිටි බොහෝ ජාතීන් අද අප පසු කොට බොහෝ දුර ගොස් ය. නමුදු පසුබට වියයුතු නැත. ඒ වෙනුවෙන් වහ වහා සූදානම් විය යුතු වෙමු. පවතින අභියෝග හමුවේ අප ලත් නිදහස් අධ්‍යාපනය ප්‍රමාණාත්මක, ගුණාත්මක හා ව්‍යුහාත්මක විප්ලවීය වෙනස්කම් රාශියකට භාජනය කළ යුතුව පවතී. විශ්ව දැනුම සීඝ්‍ර ලෙස ප්‍රසාරණය වන යුගයක ඊට සරිලන ලෙස පාසල් අධ්‍යාපනයද විවිධාංගීකරණය කළ යුතු වෙමු.
අප විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය නව පාසල් වෙබ් අඩවියක් නිර්මාණය කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළට ඔසවා තබනු වස් ගන්නා මෙම වෙහෙසකර ව්‍යායාමය අගනීය වේ.
අධ්‍යාපන සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ තවත් වැදගත් පියවරක් ලෙස මෙය අගයමි.
තාක්ෂණික මෙවලම් පරිශීලනය කරමින් ද, දැනුම හඹා යමින් ද දුවාදරුවන්ට ශිෂ්‍ය කේන්ද්‍රීය ප්‍රීතිමත් ඉගෙනුම් පරිසරයක් මේ ඔස්සේ ගොඩ නැගෙනු ඇත. නේක විධ අභියෝග හමුවේ නොසැලී සිය අධ්‍යාපන ඉලක්ක වෙත නිරුපද්‍රිතව යෙදීමේ හැකියාව මෙයින් මෙමගින් සිදුවේ. මෙම යහපත් චේතනාව අර්ථ පූර්ණය ට එක්වූ සැමට මාගේ කෘතවේදිත්වය පිරිනමමි. සාර්ථක, ඵලදායි අධ්‍යාපන ක්‍රියාවලියකට විද්‍යාලයට තවදුරටත් දිරිය ලැබේවායි සුභාශිංශනය කරමි.
ඔබ පරිශ්‍රමයෙන් මුවහත් වන්නේ රටේ හෙට දවසයි !
නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන සංවර්ධන),
අනුර වීරසේකර