• (+94) 37-2223802
  • maliyadeva.17321@gmail.com

බෞද්ධ සංගමය

භාග්‍යවත් පුණ්‍යවන්ත බිමක අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලයේ දරු දැරියෝ සැබවින්ම පුණ්‍යවන්තය. හිටපු පරිපාලන නියෝජ්‍ය විදුහල්පති අපවත් වී වදාළ පූජ්‍ය අල්ගම සීලරතන ස්වාමීන් වහන්සේගේ මාර්ගෝපදේශනය මෙම බෞද්ධ වටපිටාවට ආශිර්වාදයක් වූ බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

බෞද්ධ සංගමයේ වාර්ෂික කටයුතු අතර දිනපතා උදේ ආරම්භයේ පන්සිල් ගැනීම භාවනා කිරීම හා ගුරුවරුන් නැමදීම ද විද්‍යාලය අවසානයේ ඡත්තමානවක ගාථාව ද ශබ්ද විකාශනය මගින් විසුරුවා හරිමින් සිසුන් ලවා කියවීම ප්‍රධාන තැනක් ගනී.

විද්‍යාලයේ එක් එක් පන්තියක් මගින් විද්‍යාලයීය බුදු මැදුරට උදේ හා දවල් බුද්ධ පූජාව ඇතුළු ගුරු මඩුල්ලේ ම ගරු ස්වාමීන් වහන්සේලා ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. සෑම පසළොස්වක පොහොය නිමිත්තෙන් ධර්ම දේශනාවක් හෝ භාවනා වැඩසටහනක් වැනි ආගමික කටයුත්තක් සඳහා සියලුම සිසුන් සහභාගි කෙරේ.

විද්‍යාලය ආරම්භක දිනය සිහිපත් කිරීම සඳහා විශේෂ ධර්ම දේශනා සහිත දානමය පිංකම් වාර්ෂිකව පැවැත්වේ.