2021 නව පාසල් වාරය අද දින ආරම්භ විය. අද දින සිසු පැමිණීම 69% කි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් පාසල් අධ්‍යයන කටයුතු ආරම්භ විය.
ජූලි 02 ඊයෙ සහ ජූලි 03 අද යන දෙදින තුළ මලියදේව ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති DSI සුපර් ස්පෝට්ස් කුරුණෑගල දිස්ත්‍රික් තරගාවලියේ දී වයස අවු. 15 න් පහළ බාලක බාලිකා හා 13 න් පහළ බාලිකා කණ්ඩායම් තුනම දිස්ත්‍රික් ශූරතාවය දිනාගත් අතර 13 න් පහළ බාලක කණ්ඩායම දිස්ත්‍රික් අනු ශූරතාව දිනාගත් බව ඉතාම සතුටින් දන්වමු.
ක්‍රීඩා හා ශාරීරික
අධ්‍යාපන අංශය.
"Felicity' 22" the 4th installation ceremony of the Interact Club of Maliyadeva Adarsha Maha Vidyalaya was successfully held on 21st of January 2022.
වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීම පසුගියදා පැවැත්විය.
මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට වසර 43 පිරීම නිමිත්තෙන් 2021.02.28 දින සවස 7.00ට විද්‍යාලයීය පරිශ්‍රයේදී පහන් පූඡාවක් පැවැත්විය.
ගරු අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මැතිතුමා අද දින පෙ.ව. 11.00ට විභාග ශාලා නිරීක්ෂණය සදහා අප විද්‍යාලයට පැමිණියහ. මේ සදහා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුලු විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරින් ද වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ඒ.එස්. ජයලත් මහතා, කලාප අධ්‍යාපන අධ්යක්ෂ ගාමිණී බණ්ඩාර මහතා ඇතුලු අධ්‍යාපන නිළධාරින් ද සහභාගි විය. විද්‍යාලයට වසර 43 පිරෙන දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ අහඹු පැමිණීම විද්‍යාලයට මහත් ගෞරවයක් විය.