මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට වසර 43 පිරීම නිමිත්තෙන් 2021.02.28 දින සවස 7.00ට විද්‍යාලයීය පරිශ්‍රයේදී පහන් පූඡාවක් පැවැත්විය.
විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් විද්‍යාලයීය බෞද්ධ සංගමය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව මෙම පුණ්‍ය කර්මය සිදුකරන ලදී. මේ සදහා විද්‍යාලයීය අධ්‍යයන/අනධ්‍යයන කාර්යය මණ්ඩලය සහභාගි විය.

විද්‍යාලයීය පළමු ශිෂ්‍යයා වන රවීන් ගුණවර්ධන මහතා ප්රමුඛ , විද්‍යාලයට ඇතුලු වූ පළමු සිසුන් 123ට අයත් සිසුන් වන කුරුණෑගල ගරු නගරාධිපති ආදි ශිෂ්‍ය තුෂාර සංජීව මැතිතුමා, අග්‍රාමාත්‍ය ලේකම්වරියක වන ආදි ශිෂ්‍යා ජෙනට් ජයවර්ධන මහත්මිය ඇතුලු ආදි සිසුන් රැසක් සමග වර්තමාන සිසුන් තම පාසල් මාතාවගේ ඡන්ම දිනය සැමරීම සදහා සහභාගි විය.