ගරු අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මැතිතුමා අද දින පෙ.ව. 11.00ට විභාග ශාලා නිරීක්ෂණය සදහා අප විද්‍යාලයට පැමිණියහ. මේ සදහා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුලු විභාග දෙපාර්තමේන්තුවේ නිළධාරින් ද වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ඒ.එස්. ජයලත් මහතා, කලාප අධ්‍යාපන අධ්යක්ෂ ගාමිණී බණ්ඩාර මහතා ඇතුලු අධ්‍යාපන නිළධාරින් ද සහභාගි විය. විද්‍යාලයට වසර 43 පිරෙන දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ අහඹු පැමිණීම විද්‍යාලයට මහත් ගෞරවයක් විය.

මෙහිදී පාසලට වසර 43 පිරීම නිමිත්තෙන් විදුහල්පති දිනේෂ් උදිත බංඩාර මහතා විසින්ම ඉදිකළ සමරු පලකය, අධ්‍යාපන අමාත්‍යතුමා අතින් විවෘත විය.
![]() |
![]() |
විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය අධ්‍යාපන අමාත්‍යතුමාගේ නිරික්ෂණයට ලක් විය. එහිදී පාසලේ නව වෙබ් අඩවිය ද නිරික්ෂණය කළ අතර එය අමාත්‍යතුමාගේ ප්‍රසංසාවට ලක් විය. මෙහිදී අධ්‍යාපන අමාත්‍යතුමා විසින් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය අගය කළ අතර එහි කාර්යයභාරය ප්‍රසංසාවට ලක්විය.
![]() |
![]() |
අධ්‍යාපන අමාත්‍යතුමා, මලියදේව ආදර්ශ මහා විද්‍යාලය අගය කළ අතර සමස්ථ විද්‍යාලයේ දියුණුවට විදුහල්පතිතුමා ඇතුලු අධ්‍යයන/අනධ්‍යයන කාර්යය මණ්ඩලය ගන්නා උත්සාහය ට ස්තුති කරන ලදී.




